ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම මෙවරද නම් කර තිබේ.
මෙවර එහි නායකත්වය ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා වෙත හිමිව ඇත. ඊට අමතරව විරාට් කෝලී, කේ.එල්. රාහුල්, රවින්ද්‍ර ජඩේජා, මොහොමඩ් ෂාමි යන ඉන්දීය ක්‍රීඩකයන් එම පිලට ඇතුළත්වෙයි.
එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ඇතුලත් නම් කර ඇති එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන දිල්ශාන් මධුසංඛයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර ඇති කණ්ඩායම මෙසේය.
රෝහිත් ශර්මා (නායක)
විරාට් කෝලි
ඩැරල් මිචෙල්
ක්වින්ටන් ඩි කොක්
කේ.එල්. රාහුල්
ග්ලේන් මැක්ස්වෙල්
රවින්ද්‍ර ජඩේජා
ජස්ප්‍රිට් බුම්රා
ඩිල්ෂාන් මධුසංඛ
ඇඩම් සම්පා
මොහොමඩ් ෂාමි