ලුණුගම්වෙහෙර සෙලවේ

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවය.

ඊයේ (15) රාත්‍රී 10.15ට පමණ එම භූ කම්පනය සිදුව ඇති බවත්, භූකම්පනය එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනී ඇති බවට වාර්තා කර ඇති බවත්, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *