ලංවිම ගැන තීරණාත්මක සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලෝක බැංකු නියෝජිතයින් සහ අමාත්‍ය කංචන විජේසේකර සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, මේ සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංග්ලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා එක්ව තිබේ.

මෙරට සුළං බල ව්‍යාපෘති මෙන්ම ඉදිරි පුනර්ජනනීය බලශක්ති වෙනුවෙන් ලෝක බැංකුව ලබා දෙන මූල්‍ය සහය පිළිබඳ කංචන විජේසේකර අමාත්‍යවරයා ස්තූතිය පළ කර තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *