ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (17) සිට කියාත්මක වන පරිදි සතොස මෙලෙස භාණ්ඩ වර්ග 09ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත.

LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 970කි.
එසේම සෝයා මීට් (තොග) කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625කි.

හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1160කි.
මේ අතර භාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක නව මිල රුපියල් 675ක් වන අතර එය රුපියල් 15කින් පහළ දමා ඇත.

දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 350ක්, අර්තාපල් කිලෝ එකක් රුපියල් 325ක්, කඩල කිලෝ එකක් රුපියල් 555ක්, සුදු ලූණු කිලෝ එකක් රුපියල් 630ක් ලෙස මිල පහල දමා ඇති අතර එම භාණ්ඩ සියල්ල රුපියල් 05කින් මිල අඩුකර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *