රූපවාහිනී නාළිකා ”රේටින්” බොරුව ජනමාධ්‍ය ලේකම් කෝපා කමිටුවෙදී හෙළිකරයි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය බොරුවක් බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට කෝපා කමිටුවෙදී රටට පැවසීය.

එහිදී ඔහු කියා සිටියේ මෙම රූපවාහිනී නාළිකා ශ්‍රේණිගත කිරීම් කරනු ලබන්නේ පෙට්ටි 450ක් තෝරාගත් නිවාසවල තැබීමෙන් බවත්, එම නිවෙස් නරඹන රූපවාහිනී නාළිකාව ගණනය කරනු ලබන බවත්ය.

මෙම පෙට්ටි 300ක් පමණ ඇතැම් නාලිකා විසින් මිලදීගෙන එම නිවෙස් හිමියන්ට මුදල් ලබා දෙන බව කී හෙතෙම ඒ හරහා ඔවුන් අංක එක දෙක හිමිකරගෙන සිටින බවද කීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *