ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 64 වන වියෙහි පසු වූ ඔහු අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ ප්‍රේමසිරි හේවාවසම් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ආධුනිකයන්ට දැනුම ලබාදීමට ද කටයුතු කළ අයෙකු ලෙස සැලකේ.