රිදියගම පුනරුත්ථාපන මධ්‍යස්ථානය මධ්‍යම රජයට පවරා ගනී

රිදියගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළමනාකරණය මධ්‍යම රජය යටතට පවරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

1975 වර්ෂයේදී සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරන ලද අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි රිදියගම පුනරුත්ථාපන මධ්‍යස්ථානය 1990 වර්ෂයේදී දකුණු පළාත් සභාවේ සමාජ කටයුතු අංශය වෙත පවරා ඇත.

රැඳවියන් 450 දෙනෙකු පමණ රඳවා තබා ගැනීමට හැකි වන පරිදි මෙම මධ්‍යස්ථානය ඉදි කර ඇති නමුත් මේ වන විට එහි රැඳවියන් 576 දෙනෙකු රඳවා ති‌බීම හේතුවෙන් ඔවුන්ට දුෂ්කර සහ පීඩාකාරී ජීවන තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබේ.

එම තත්ත්වය සහ අධිකරණ මඟින් ලබා දෙන නියෝග මත දිවයිනේ විවිධ ප්‍රදේශවල රැඳවියන් මෙම මධ්‍යස්ථානයේ රඳවා තබා සිටීම සැලකිල්ලට ගෙන එම මධ්‍යස්ථානය දකුණු පළාත් සභාව මඟින් පාලනය කිරීම වෙනුවට, ජාතික මට්ටමේ මධ්‍යස්ථානයක් වශයෙන් මධ්‍යම රජය යටතේ පාලනය කිරීම වඩාත් සුදුසු බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, රිදියගම පුනරුත්ථාපන මධ්‍යස්ථානය සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත පැවරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *