රාජාංගණයේ හිමි ට යළිත් වරෙන්තු

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (25) නියෝග කළේය.

ඒ ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව ඇප මත මුදා හැර සිටියදී, නැවත සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

සැකකාර හිමිගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙස මහේස්ත්‍රාත්වරයා තීන්දුව දැනුම්දෙමින් ප්‍රකාශයට පත් කළේය.

මෙම් හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බවත්, විමර්ශන ප්‍රගතිය ගැන දැනුම්දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *