රාජ්‍ය සේවක වැටුප් ඉහළට

2024 සදහා වූ අයවැයෙන් රජයේ සේවක වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇතිබව වාර්තාවේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේද වැටුප් ඒ අනුව ඉහළ දැමීමට කටයුතු කරන්නැයි පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කිරීමටද බලාපොරොත්තුවෙන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසූවේ රජය අයවැයෙන් ලබාදීමට අපේක්ෂා කරනා බව දන්නා වෘතීය සමිති නායකයන් එහි ගෞරවය ලබාගනු වස් සේවකයන් නොමග යවමින් ඔවුන් වර්ජන කරා මෙහෙයවන බවයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *