රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් ස්ථාපනය කෙරේ.

රාජ්‍ය ව්‍යවසායකයින් විසින් සපයන භාණ්ඩ හා සේවාවන්වල ගුණාත්මකභාවය,මිල හා ප්‍ර‍වේශ්‍යතාවය වැඩිදියුණු කිරීම හා එම ව්‍යවසායකයන් මගින් මහාභාණ්ඩාගාරයට ඇති මූල්‍ය බලපෑම ඉවත් කිරීම, මෙන්ම පෞද්ගලික අයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා තරගකාරී හා වෙළදපොල පදනම් කරගෙන ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීම යන අරමුණු පදනම්කරගෙන මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ප්‍රවාහන,ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා කැබිනට් තිරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ මුදල්,ආර්ථථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.   

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *