රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් ගෙන එයි

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට රජය එකඟ වී තිබුණි.

ඒ අනුව 2025 වර්ෂයේ අයවැයත් සමග ක්‍රියාත්මක වන පරිදි එම පනත හඳුන්වා දීම සඳහා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *