රාජ්‍ය ඇමතිගේ මැරයන් නිසා ඕමාන ආයෝජකයා කම්හල ඉවත් කර ගනී

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැර පිරිසකගේ පහර දීමකට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට එහි හිමිකරු තීරණය කර ඇත.

එහි මූලික පියවරක් ලෙස එහි ගබඩා කර තිබූ රෙදි තොග වෙනත් රටකර යවීම ඊයේ ආරම්භ කර ඇත. කර්මාන්ත ශාලාව ඉවත් කර ගැනීමට විරෝධය පළකරමින් එහි සේවකයින් පිරිසක් ඊයේ (04) දහවල් විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබෙනවා පසුව පොලිසිය මැදිහත් වී එහි භාණ්ඩ ඉවත්කර ගැනීම කරගෙන යාමට ඉඩ සළසා දී ඇති බව වාර්තාවේ.

මේ වන විට එම කරමාන්ත ශාලාව සහ ඉඩම වෙනත් ආයතනයකට විකුණා දැමිමට හිමිකරි තීරනය කර ඇති බවත්, කර්මාන්ත ශාලාවට කුළී පදනම මත වාහන සපයාදුන් රාජ්‍ය අමාත්‍යවරයාගේ මැරයන් පිරිසක් කර්මාන්ත ශාලාවේ හිමිකරු සහ ආරක්ෂක නිළධාරියාට පහර දී ඇති බවත් වාර්තාවේ.

සිද්ධිය පිළිබඳ කටාන පොලිසිය සිදුකළ පරීක්ෂණ පිළිබඳ සහීමකට පත්විය නොහැකිබව ශ්‍රී ලංකාවේ ඕමාන තානාපතිවාරයා විදේශ අමාත්‍යංශයට පැමිණිළි කරන ලද අතර පසුව එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පවරන ලදි . මෙ වන විට සිද්ධිය සම්බන්ධව පස් දෙනෙකු අත් අඩංගුවේ පසුවෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *