රාජපක්ෂලාට අපහාසවන පෝස්ට් දැමූ, තරුණයාට සිර දඬුවම්.

පසුගිය කොරෝනා වසංගත සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ රාජපක්ෂවරුනට අපහාස වන ආකාරයේ පුවත් පල කිරීමේ චෝදනා වලට වරද පිළිගත් තරුණයෙකුට අධිකරණය විසින් අත්හිටුවූ සිර දඬුවම් නියම කර තිබේ . මෙලෙස වරද පිලිගෙන ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්සපුර පදිංචි තරුණයෙකි.

කොරෝනා වසංගත කාලයේ දී රාජපක්ෂ පවුලේ 548 දෙනකුගේ නිවෙස් වලට නාවික හමුදාවෙන් නොමිලේ ආහාර පාන ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු පලකළ පුවත අසත්‍ය බව ඔහු අධිකරණය හමුවේ පිළිගැනීමෙන් පසුව මෙම දඬුවම නියම කරනා ලදි.

ඒ අනුව එම තරුණයාට නියම කළ මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *