රඹුක්කනදී තවත් පොලිස් වෙඩි තැබීමක්.

පොලිස් අණ නොතකා ගමන් කළ යතුරු පැදිකරුවෙකුට රඹුක්කන පොලිසිය වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලද යතුරුපැදිකරු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

රඹුක්කන කොටගම පොලිස් මාර්ග බාධකයෙදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීමෙන් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි . තුවාල කරු රඹුක්කන හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව වාර්තා වේ. අද (14) අළුයම 3.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *