රතිඤ්ඤා පත්තු කරන්නට හේතුව මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූ පසු රට පුරා ජනතාව රතිඤ්ඤා දල්වා ඇත්තේ ණය මුදලක් ලැබීමේ නිසා නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එසේ ජනතාව සිය සතුට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව වසරක පමණ කාලයක් තිස්සේ පැවැති බංකොලොත් භාවයෙන් මිදීම නිසා බවදොහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමෙන් ඇතිවන ප්‍රධාන වාසිය නම් ණය මුදලක් ලැබීමට වඩා ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදීම බවත් මේ වන විට මෙරට බැංකුවල ණයවර ලිපි විදේශ බැංකු වසින් පිලිගන්නා තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ හරහා මෙරටට ඉන්ධණ, ඖෂධ, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදය අමතමින් මහතා මේ අදහස් පළ කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *