රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර

පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මත රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුනක් වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් එක් සැකකරුවෙක් එම ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇත.

එම සැකකරුන් ඊයේ (28) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

පුත්තලම කොට්ඨස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *