ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තර ආරක්ෂාව බාර අමාත්‍ය ටිරාන් අලස සමග එක්ව මෝල්ටා ජනරජයේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇතිබවට තමා කරන ලද ප්‍රකාශයට අදාල තොරතුරු පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුබව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.
පෙරටුගාමී පක්ෂය විසින් කරනා ලද එම චෝදනාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති මුත් ඊට අදාළ පරීක්ෂණ සඳහා තවමත් තම පක්ෂයට කැඳවීමක් ලැබී නැතිබව ඔහු පවසයි. පොලීසිය ඇත්තේ පවතින ආණ්ඩුව යටතේ බැවින් මෙම පටීක්ෂණය කඩිනමින් පැවැත්වෙනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවත්, කැඳවීමක් ලද විගස තමන් සතු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කරනා බවත් ඔහු පැවසීය.
දිනපතා මාධ්‍ය හමු පවත්වමින් කාලය නාස්තිකරණු වෙනුවට නියමිත තැනදී සියළු තොරතුරු කෙළිකිරීමට පෙරටුගාමී පක්ෂය සූදානමින් සිටිනා බවත්, තම චෝදනාවට මුහුණදෙනු වෙනුවට සී.අයි ඩිය ඉදිරියට දමා ප්‍රශ්ණය මග හැරීමට ජ.වි.පෙ කටයුතු කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් පැවසීය