2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී එච්.අයි. වී. ආසාදිතඉන් 48% දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වාදෙයි.
වයස අවුරුදු 15 – 49 ත් අතර කාණ්ඩයේ එච්. අයි. වී. ආසාදිතයන් වැඩි වීමේ අවදානමක් ඇති බව ඔවුන් වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මේ වන විට මෙරට සිටින සමස්ත එච්.අයි. වී. ආසාධිතයන් සංඛ්‍යාව 4,100 වන බවත්, 2023 වර්ෂයේ මේ දක්වා වාර්තාවී ඇති එච්.අයි. වී. ආසාධිතයන් සංඛ්‍යාව 347 ක් බවත්, කාන්තාවන්ට මෙම රෝගය ආසාදනය වීමේ අවදානම පහළ මට්ටමක පවතින අතර පුරුෂයන් සමඟ අනුපාතයක් ලෙස ගත් විට එය 7 ට 1ක් වන බවද එම ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.