මැතිවරණය ගැන තීරණය ලබන 4 වනදා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (28) දිනයේ ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දමන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ද නොපැවැත්වෙනු ඇත.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාව ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *