මාස 4කට පසු රාහුල් ගාන්ධි නැවතත් පාර්ලිමේන්තුවට

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි එරට පාර්ලිමේන්තුවට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි කරමින් ගුජරාට් අධිකරණය ලබා දුන් තීන්දුවක් බල රහිත කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවත් සමගින්.

එම තීන්දුව මගින් ඔහුට නැවත ඔහුගේ පාර්ලිමේන්තු අසුන හිමිවූ අතර, ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණයට තරග කිරීමේ හැකියාවත් හිමිවිය.

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට පිවිසෙන විට ඔහුව ඉතා උණුසුම් ආකාරයට පිළිගැනීමට විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමෙන්තුව ඉදිරිපස රැස්ව සිටි බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *