මහරගම පිළිකා රෝහල අඩපණ වෙයි.

මහරගම පිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු මාසයකට ආසන්න කාලයක සිට ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසයි.

පෙට් ස්කෑන් පරීක්ෂණ සඳහා යොමුවන රෝගීන්ට ලබා දෙන එෆ් ඩී ජී නැමති ඖෂධය නොමැති වීම ඊට හේතුව බවත් ඒ හේතුවෙන් පෙට් ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව ඇති බවත් සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

එවැනි පරීක්ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදු කිරීමට රුපියල් ලක්ෂ 3ක් පමණ වැය වන බව ඔහු වැඩිදුරටත් කියයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *