“ෆ්‍රෙඩී” මලාවියාවේ 99කට මරු කැඳවයි .

ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේන බව වාර්තා වේ.

වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් වෙත වැඩි හානි සිදුව ඇති බව එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.

සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා තිබේන බවත් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් එරට බලධාරීන් පවසයි.

මෙම තත්ත්වය තුළ මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *