ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ වැරදි ක්‍රියාකලාපයන් සහ ඒවා මාධ්‍ය හරහා සමාජ ගත කරන ආකාරය මඟින් සමස්ත භික්ෂු ප්‍රජාවම පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමේ උත්සහයන් පවතින බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පවසති.
හොරණ ඓතිහාසික ඔලබොඩුව රාජමහාවිහාරස්ථානයේ පැවැති බස්නාහිර පළාත් සංඝ නායක සමුළුව අමතමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් මේ බව සඳහන් කළේය.
මාධ්‍ය තුළ බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත්කරන භික්ෂූන් වහන්සේලාගේ ඇතැම් වැරදි සහගත දේවල් සහගත දේවල් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ හේතුවෙන් අද වෙනවිට භික්ෂු සමාජය පිළිබඳ වැරදි මත ඒවගේ ඉතාම සංවේගදායි ආකාරයෙන් සමාජග්‍රහණය කිරීමට ගන්නා උත්සාහයන් තේරුම් ගත හැකිව පවතිනවා. දේශපාලනික වශයෙන් රටේ පවතින වාතාවරණයේ අස්ථාවරත්වය වගේම රටේ ආර්ථික සමාජයේ පවතින යම් යම් දුෂ්කරතා හේතුවෙන් මේ කාරණා වඩාත් ඉස්මතු වී තිබෙන බව තේරුම් ගත යුතුයි.”
යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කලහ.