භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහත වැටීම ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා ණය ගැනීමට ඇති හැකියාව ඉහළ නංවන අතරම ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට සහ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට හැකි ධනාත්මක පරිසරයක් වර්ධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.
එමෙන්ම පොලී පිරිවැය අඩු වීම රජයට ණය ගෙවීම් පහසු කිරීමට ඉඩ සලසන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
