බේරුවලට සමීපව සාගරයේ භූමිකම්පාවක්

බේරුවලට කිලෝමීටර් 34 ක් නොදුරින් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යංශය පවසයි.

මෙම භූ චලනය හේතුවෙන් අවදානම් තත්ත්වයක් නොමැති බවත් එය රිච්ටර් මාපකයෙ ඒකක 3.7 ක ප්‍රබලත්වයකින් සටහන්ව ඇති බවත් එම කාර්‍යංශය පවසයි. කෙසේවෙතත් එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට ප්‍රායෝගිකව දැනී ඇති බව ඔවුන් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ භූචලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *