බුදුන්ට අපහාස කළ දිවැසිවරයා රටින් පනී.

බුදුන්ට අපහාසාත්නක ප්‍රකශයක් කළ බව පැවසෙන දිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වීසින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගැනීමට අද අධිකරණයට කරුණු දැක්විමට නියමිතව තිබූ අතර ඊට පෙර ඔහු මෙසේ විදෙස් ගතව ඇති බව පැවසේ.

ඔහු විසින් සිදුකරන ලද දේශනයක දී බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් වලට අපහාස සිදු කළේ යයි මේ වන විට රහස් පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් සිදු කරමින් පවතී.

ජෙරම් ප්‍රනාන්දු සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ අද අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු වෙනත් ගමනාන්තයක් වෙත පිටත්ව යාමට නියමිත බවද වාර්තාවේ සඳහන්ය. මේ අතර මෙම දිවැසිවරයා කතෝලික සභාවට කිසිම සම්බන්ධයක් නැති අයෙක් බවත්, ඔහුගේ ප්‍රකාශය හෙළදකිනා බවත් කතෝලික සභාව ප්‍රකශ කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *