බීමත් කාන්තාවන් දෙදෙනෙක් කොස්තාපල් වරයාට කළ දේ.

කාර් රථයක් තුළ මත්පැන් පානය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිදුවීමක් ඊයේ (05) රාත්‍රීයේ වාර්තා වී තිබෙනවා.

එම කාන්තාවන් දෙදෙනා ඊයේ මධ්‍යම රාත්‍රී 12.00ට පමණ, කොළඹ, ග්‍රෙගරි පාර ආසන්නයේ දී කාර් රථය තුළ මත්පැන් පානය කරමින් සිටි ඇති බව සඳහන් වේ.

එම අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අදාළ කාර් රථය පරීක්ෂා කිරීමට යාමේ දී එම කාන්තාවන් විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

එම කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 13 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ක සහ අවුරුදු 43 ක වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *