බැසිල්, මහින්ද සහ ඝෝඨා ආර්ථික අර්බුදයට වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ඝෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍යවරයෙක් වන බැසිල් රාජපක්ෂ යන අයගේ වැරදි ආර්ථික තීන්දු නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතිබව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ඔවුන් විසින් 2019 සිට 2022 දක්වා ඔවුන් විසින් ගන්නා ලද වැරදි ආර්ථික කළමණාකරන තීන්දු හේතුවෙන් මෙලෙස ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇතිවි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීන් මෙන්ඩිස්, වාණිජ මණ්ඩළයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජාත්‍යන්තර පිහිණුම් ක්‍රීඩක ජූලියන් බෝලිං, ජෙහාන් කණකරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනක් ආයතනය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මණ්ඩළයක් හමුවේ විභාගයට ගන්නා ලදි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, මූර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන් මෙම තින්දුව ප්‍රකාශයට පත්කළ අතර, විනිසුරු ප්‍රියන්ත ජායසූරිය එම තින්දුවට එකඟව නැත.

ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ව්‍යාපරිකයන්ට ලබාදුන් රුපියල් බිලියන 681 ක බදු සහනය වත්මන් ආර්ථික අර්බුදය නිර්මානය වීමට මුලික හේතුව බව එම පෙත්සම මගින් පෙන්වාදී තිබුනි.

ඊට අමතරව ඩොලරය රුපියල් 203 සීමාවේ තබාගැනීම, ජාත්‍යන්තර අමූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට පමාවීම, විදේශ විනිමය හිඟයක් පවාතින බව දැන දැනත් ඩොලර් මිලියන 500 ක ස්වෛරී බැඳුම්කර ගෙවීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත්ය.

නඩුවේ සෙසු විත්තිකරුවෝ වූයේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හි‍ටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල සහ හිටපු මහ බැංකු අධිපටහිවරයෙක් වූ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් යන අයයි. පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 බැගින් ගෙවීමටද වග උත්තරකරුවන්ට අධිකරණය නියෝග කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *