බලංගොඩ නාය යාමෙන් එකම පවුලේ හතරක් අතුරුදහන්

බලංගොඩ, ගවරංහේන ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ නාය යමක් නිසා එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙම පිරිස නාය ගිය නිවසේ කොටු වී සිටින්නේද එසේත් නැතිනම් ඒ වන විටත් ඔවුන් ඉවත් වී තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය පවසයි. මෙම සිදුවීමෙන් එකම පවුලේ පියා, මව සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා අතුරුදන්ව ඇති බවයි වාර්තා වෙයි.

නායයාමෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *