බලංගොඩ නායයාමෙන් එකම පවුලේ හතර දෙනෙක් මියයයි

ඉරිදා රාත්‍රියේ බලංගොඩ ගවරංහේන ප්‍රදේශයේ සිදුවූ නායයාමට ලක්වූ නිවසේ පදිංචිකරුවන්ගේ සිරුරු අද සොයාගැනීමට හැකිවූ බව සහන සේවකයෝ පවසති.

ආපදා කළමනාකරණ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළ සිරුරු සොයා ගැනීමට හැකිව තිබේ.

නාය යාමෙන් පසු මෙම පවුල පිළිබඳ තොරතුරු වාර්තා නොවූ අතර ඔවුන් නාය ගිය නිවසේ කොටුවූයේද නොසේනම් එම අවස්ථාවේ නිවසේ නොසිටියේද යන්න පිළිබඳ පැහැඳිළි තොරතුරක් නොවූ හෙයින් ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නාය යෑමෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති අතර, සෙසු නිවැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *