බදු නොගෙවූ සමාගම් පහක මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අවලංගුයි.

සුරාබදු දෙපර්තමේන්තුව මත්පැන් සමාගම් පහක නිෂ්පාදන බලපත්‍ර අවලංගු කර ඇත. බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා ලබාදී තිබූ සහන කාලය පසුගිය 31 වනදා නිමවීමත් සමගම එකී සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත .

එ අනුව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, රන්දෙණිගල, වයඹ ඩිස්ටිලරීස් සිනර්ජි ඩිස්ටිලරීස්, සහ ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් යන සමාගම්වල නිෂ්පාදන බලපත්‍ර අහෝසි කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *