බදු අය කිරීමේ ප්‍රතිශතය අඩු කිරීමට සැලැස්මක්

බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඉදිරියේදී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති සමාගමක් විසින් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ මුවාවෙන් ආනයනය කරන ලද දුම්වැටි තොගයක් ඊයේ රේගුව විසින් සිය භාරයට ගනු ලැබූ අතර ඒවා නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඔරුගොඩවත්ත රේගු පර්යන්තය වෙත පැමිණි අවස්ථාවකදී මේ බව ප්‍රකාශ කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *