පොහොට්ටුවේ මැති ඇතිවරු නෙළුම් මාවත අත හැර රනිල් සරණ යති

ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගෙන් අති බහුතරයක් දැනටමත් සිය පක්ෂ මූලස්ථානයට යාම නවතා දමා ඇති බව වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ රජයේ තනතුරු ලබා ගත් පසු පක්ෂ මූලස්ථානයට කිසිම දිනක නොගිය මැති ඇමතිවරුන්ද සිටිනා බව එම පක්ෂයේ ප්‍රකශකයෙකු අප වෙබ් අඩවියට පැවසීය.

මෙලෙස පක්ෂය මග හරිමින් සිටිනා බහුතර පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වැඩි සමීප බවක් දක්වම බවද ඔහු පැවසීය. මෙම තත්ත්වය නිසා නෙළුම් මාවත පක්ෂ මූලස්ථනයේ පැවැත්වෙන මාධ්‍ය හමු සඳහා ද කිසිදු ඇමතිවරයෙකු සහභාගී නොවන තත්ත්වයක් උද්ගත වී තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *