පොසොන් පෝදා ආලෝක පූජාවට පන්දම් අරන් එමු. මිහින්තලේ නාහිමි කියයි.

2023 වර්ශයේ පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දී ඇත.

ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම මීට මූලික හේතුව බව ද විදුලි ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මිහින්තලේ රජමහා විහාරයේ මැදමළුවේ දී පොසොන් කමිටු රැස්වීම මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසකත්වයෙන් පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැත්වූ අවස්ථා වේදී මෙම අදහස් පල වී ඇත.

පොසොන් උත්සවයේදී ඉදිකරන මාර්ග බාධක, බැතිමතුන් ගිමන් හරින ස්ථාන, නාන තොටුපොළ, වැසිකිලි, ඉදිකර ඇති ස්ථානවලට විදුලිය ලබා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම විමසීමක් කළද ප්‍රතිපාදන නොමැති නිසා විදුලිය නොමැති නිසා විදුලිය ලබා දිය නොහැකි දිස්ත්‍රික් විදුලි ඉංජිනේරුවරයා කියා සිටියේය.

එම අවස්ථා වේදී මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලේ වන්දනා මාන කටයුතු පන්දම් පත්තු කරගෙන සිදු කිරිමට සිදුව ඇති බවයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *