පොලී අනුපාත පහළට යයිද ?

ඉදිරියේ දී පොලී අනුපාතයන් පහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථිකය ස්ථාවරවීම තුළ ජනතාවට එම සහන ලබාදෙන බව පවසා සිටියේ ය.

උද්ධමනය වේගයෙන් පහළයෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාස කිහිපය තුළ පොලී අනුපාතය අඩුවීමේ වැඩිම අගය ඊයේ දින වාර්තා වූ බවද ඒ මහතා කියා සිටියේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *