පොලීසි‍යේත් හොරු

පුද්ගලයෙකුට පහරදී ඔහු සතු මුදල් කොල්ල කෑ පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල් රියැදුරකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරාවුර් පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙකි .

පසුගිය 09 වැනිදා රාත්‍රියේ එරාවූර් නගරයේ මාර්ගයක යමින් සිටි පුද්ගලයෙකු හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන මෙම සැකකාර නිලධාරීන් තිදෙනා ඔහු සතුව තිබූ රුපියල් 6500ක මුදලක් කොල්ලකා තිබෙනවා. නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ද ඉල්ලා ඇත. පසුව එම පුද්ගලයා මඩකළපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනිම සිදුකර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *