පොලිස් නිළධාරීන් පොලිසිය හැර යයි

පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස සේවය හැර ගොස් සිටින පිරිසෙන් බහුතරය පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

රාජකාරි සහ පෞද්ගලික කරුණු නිසා හටගන්නා ආතතිය, රාජකාරි කිරිමේදී ඇතිවන බලපෑම්, ආර්ථික ප්‍රශ්න, අධික රාජකාරී ඇතුළු හේතු ගණනවක් නිසා බිහූ දෙනෙක් පොලිසිය අත හැර යනබව වාර්තාවේ.

ඉකුත් වසර තුළ පමණක් පමණක් පොලිස් නිලධාරීන් 900 ක් සේවය හැරගොස් ඇත. මෙම සියලු දෙනාට පොලිස් සේවය අතහැර යාමේ නියෝග නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *