පොලිස්පති පුටුවට නම් පහක්

නව පොලිස්පති තනතුරට සුදුස්සෙකු පත් කිරිමට ලබන සතියේදී බොහෝ දුරට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ වන විට සේවා දිගුවක සිටින පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ සේවා කාලය ලබන 26දා අවසන්වීමට නියමිත බව වාර්තා වේ.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන අයගේ නම් යෝජනා වී තිබෙන බව වාර්තා වේ.

පොලිස්පති ධූරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට විදෙස්ගතව සිටින ජනපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් පසුව තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව වාර්තා වේ.

පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කරන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *