පොලිස්පතිගේ අත්සන ගැන පොලිසියට සැකයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව ප්‍රතික්ෂේප කිරීමත් සමගම පොලිස් දෙපාර්තමේන්තුව තුළ අර්බුද සහගත තත්ත්වයක් උදාවී ඇතිබව වාර්තා වේ. විශේෂයෙන්ම පරිපාලන කටයුතුවාලට අදාලව මෙම තත්ත්වය උදාවී ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේප කරන ලද අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු නැවත එම ධුරයට පත්කරනා ලදි . එම තත්ත්වය උඩ පොලිස්පතිවරයාගේ අත්සනේ වලංගු භාවය පිළිබඳව පොලිසිය අභ්‍යන්තරයෙහි කතා බහ සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *