පූජනීය ස්ථානවලට පර්චසය රුපියල් 100 ගානේ හරීන්ගෙන් ඉඩම්

මෙතෙක් ඔප්පු නොමැති බවට හඳුනාගෙන ඇති පූජනීය ස්ථාන තුන්සිය හතළිස් තුනක් අතරින් 153 කට ඔප්පු සැකසීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සඳහන් කරයි. සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපදෙස් මත මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක වෙයි.

එහිදී පර්චයක වටිනාකම රුපියල් සීයක් ලෙස තක්සේරු කරමින් ඔප්පු ලබා දීම සිදු කරයි.
මෙතෙක් රජයේ තක්සේරුයෙන් 25%ක තක්සේරු වටිනාකම ගෙවීමෙන් පූජනීය ස්ථාන සඳහා අදාල ඔප්පු ලබා ගත යුතු වුවත් එහි වටිනාකම අඩු කිරීම සඳහා විශාල ඉල්ලීම ප්‍රමාණයක් ලැබීම මත මෙම පියවර ගෙන තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *