පිරවුම්හල් 450 ක් විදෙස් සමාගම්වලට ලබාදිම ගැන ඛණිජ තෙල් සේවක විරෝධය

ඛනිජ තෙල් සංස්ථවේ වෘත්තීය සමිති එකමුතුව අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න පැවසීය.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 450 ක් බහු ජාතික සමාගම් 3 කට ලබාදීමට කටයුතු කිරීමට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග එහිදී තීරණය කරන බවත්, මෙම කැබිනට් පත්‍රිකාව මෙතරම් ඉක්මනින් පැමිණේවි යැයි බලාපොරොත්තු නොවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *