පැරීසියේ පිපිරීමක්

ප්‍රංශයේ පැරිස් නුවර ගොඩනැගිල්ලකසිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.

එමෙන්ම පිපිරීමෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර පුද්ගලයින් සිටී ද යන්න සම්බන්ධයෙන් මෙහෙයුම් කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *