පැය 15 ක ජල කප්පාදුවක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අද (09) පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.

අලුත්ගම, මතුගම, අගලවත්ත, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය කළුතර උතුර, කලුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගා නගරය, පිලමිනා වත්ත, කලුවාමෝදර මොරගල්ල යන ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *