පාස්කු කොමිසමේ වාර්තාව පුස්තකාලයට හිහින් බලාගන්න. ඇමති ප්‍රසන්න සජිත්ට කියයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු පුස්තකායලයට ලබාදී වසර කිහිපයක් ගතවුවත් විපක්ෂනායකවරයා එය පරිශීලනය නොකිරීම කණගාටුවට කරුණක් බවත්, අසත්‍ය ප්‍රකාශ කරමින් රට නොමග යවනා බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය .

අමාත්‍යවරයා පවසන්නේ රටට බලපාන බැරූරැම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විපක්ෂය ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බවයි. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (19) රැස්වූ අවස්ථාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඇතිවූ විවාදයට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව අද සඳහන් කළේය.

පාස්කු වාර්තාවේ පිටපතක් තමාට ලබදෙන ලෙස ඉල්ලා සිටියද, එහි ඇතැම් වෙළුම් ලබාදිය නොහැකිබව දන්වා ඇතිබවත් එමගින් තම වරප්‍රසාද උල්ලංඝණය වී ඇතිබවත් විපක්ෂනායකවරයා මෙහිදී පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *