පාසල් දරුවන් ගේ සෞඛ්‍ය තත්වය යහපත් නෑ.

පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කරයි.

එහි මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි දැනුමක් දරුවන්ට ලබාදීම සඳහා නව චක්‍රලේඛ සකස්කර ඇති බවයි.

මෙරට ජනගහනයෙන් පාසල් දරුවන් ගේ ප්‍රතිශතය 20%කි.

එම දරුවන් ගේ කෘශභාවය සහ අධිබර පසුගිය වසරට සාපේක්ෂ ව වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය අනාවරණ කර ඇත.

ඊට හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, දරුවන් ගේ ආහාර පරිභෝජන රටාවයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *