ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර ප්‍රකාශ කරයි.
දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් එම පියවර ගෙන ඇති බව ඔහු පවසයි.
ඒ පිළිබඳව වෛද්‍යවරයා දැක්වූ අදහස් මෙසේය.
“ළමයින්ගේ බහුතරයකට 80%කට වඩා තියෙන්නේ බෝනොවන ලාදුරු. ඊළඟ කාරණය තමයි අපි ඒ වගේ ළමයෙක්ව ලාදුරු රෝගියෙක් කියලා හඳුනාගන්න, ඒ අදාළ පාසලේදී පරීක්ෂාව කරන විට දී ඒ ළමයාට ලොකු මානසික පීඩනයක් ඇතිවෙනවා. මොකද අපි ඇවිල්ලා PHI මහත්වරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්වරු, දොස්තර මහත්වරු ඇවිල්ලා බලන්නේ, ඒ ළමයාගේ ලාදුරු හඳුනාගත්ත නිසා කියලා ලොකු බයක් තියෙනවා. අපි ළමයාගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැහැ. නමුත් ඉතාම කලාතුරකින් අවස්ථාවලදී වෙනම ඒ ළමයාව හඳුනා ගැනීමක් වෙන්න පුළුවන්. සෞඛය අමාත්‍යාංශයේ ලාදුර මර්දන ව්‍යාපාරය තීරණය කළා මින් පසු අපි ලාදුරු තියෙන ළමයෙක් හමුවුණා කියලා, ළමයාගේ පාසලට ගිහින් ලාදුරු රෝගීන් ඉන්නව ද කියලා පරීක්ෂා කරන්නේ නැහැ. අපි විශේෂ අවස්ථාවලදී විතරක් කරනවා. ඒක බොහෝම කල්පනාවෙන් තොරාගත් අවස්ථාවලදී විතරයි කරන්නේ. සමස්තයක් වශයෙන් අපි කරන්නේ නැහැ ඒක.”
එමෙන්ම භාහිර ස්ථානවල සිදුකරන පරීක්ෂණ සහ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩ සිදුකෙරෙන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.