ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි

ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ අද ‍අභාවප්‍රාප්ත වී තිබේ.

මෙරට ගුවන්විදුලි ශ්‍රාවක පිරිසට කිසිදා අමතක නොවන හඬක් හිමි ඇය ගුවන්විදුලි ඉතිහාසය තුළ අමරණීය චරිතයක් වන ඇය වර්ෂ 1979 දී ගුවන්විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිණියක ලෙසින් සේවය අරඹා 1981 වසරේ සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් වී තිබේ.

2015 – 2016 වසර තුළදී ඉහළ ශ්‍රේණිගත (SUPER GRADE) නිවේදන ශිල්පිණියක් වූ ඇය ශ්‍රී ලංකා වෙළඳ සේවය තුළ වසර 38 ක් පුරාවට සේවය කළ මතකයේ රැඳුණු නිවේදිකාවකි.

සම්මානනීය ප්‍රවීණ කිවියර සාහිත්‍යශූරී නන්දන වීරසිංහයන් සමගින් වර්ෂ 1988 දී අතිනත ගත් ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්.
මිය යනවිට ඇය 64 වැනි වියේ පසුවූවාය.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ඇය අද අළුයම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

දේහය අද පස්වරු 02.00 සිට පන්නිපිටිය, ඇරැව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *