අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත දැනුම් දෙන්නැයි කොළඹ වාණිජ මහාධිකරණය ප්‍රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට හා එම සමාගමේ ලේකම්වරියට ඊයේ(20) නියෝග කළාය.
අදාල පාවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන් අසංක රාජපක්ෂ ,නෙලානි රාජපක්ෂ සහ සමාගම ලේකම් වරුණි ද සිල්වා යන වගඋත්තරකරුවන්ට මෙම නියෝගය නිකුත් කෙරිණි .
පාවහන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන සජිත් රාජපක්ෂ යන අයට එම තනතුරුවල කටයුතු කිරීමට බාධා නොකරන ලෙස අධිකරණය නිකුත් කළ නියෝගය වග උත්තර කරුවන් විසින් කඩ කර ඇතැයි ඔහුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් පසුව වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම නියෝගය නිකුත් කළේය.
සිය සේවාදායකයා තම සේවය උපරිම අයුරින් ඉටු කර ඇති බවද ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර පෙන්වා දුන්නේය. කරුණු දක්වමින් අධිකරණයට පවසා ඇත්තේ සජිත් රාජපක්ෂ, ඔහු නියෝජනය කළ සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බවත්, පසුගිය වසර පහ තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම් වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් සජිත් රාජපක්ෂ නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම් වලට අයත් බවත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි. එම සමාගමේ නිෂ්පාදන රටවල් 75 කට අපනයනය කිරිමෙන් රුපියල් මිලියන 557 ක ලාභයක් උපයා ඇතිබවදෙ එහිදී අනවරණය විය.
මෙම නඩුව හා ඊට සම්බන්ධ නඩු තුනක් ඊයේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවීය. ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, නවීන් මාරපන ,ජේෂ්ඨ නීතිඥ සුගත්කල්දේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් නඩු සඳහා පෙනී සිටියහ. අදාළ නඩු ලබන 04 හා 15 වෙනි දින යළි කැඳවීමට විනිසුරුවරයා තීන්දු කළේය