පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් පැය 24 සේවයේ

මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා හා නගර සභා ලේකම්වරුන් පැය 24 පුරා සක්‍රීය සේවයේ යොදවන ලෙස ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ඔවුන්ට විශේෂ දීමනාවක් ගෙවන ලෙසද උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුකාරවරුන් සමග පළාත් පාලන ආයතන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව පැවැත්වූ සාකච්ඡාවකදි මෙම උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *