පහල යන ගෑස් මිල

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දැමු බවත් එහි නව මිල රුපියල් 2,982ක් වන බවත් විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති පවසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *